තක්සලාවේ දොරගුළු හැරගන්න
පරිශීලක නම මුර පදය සිංහල යතුරුපුවරු පරිශීලන තක්සලාව
සියපත යනු . . .
සියපත නොහොත් සිංහල යතුරුපුවරු පරිශීලන තක්සලාව, සම්මත සිංහල යතුරුපුවරුව නිසි පරිදි පරීශීලනය කිරීමට පුහුණු කරවීම සඳහා නිපදවන ලද්දකි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පනස්වස් සැමරුම නිමිත්තෙන් පවත්වනු ලැබූ අධ්‍යාපනික ප්‍රදර්ශනය සඳහා මෙහි මුල් අනුවාදය සාදන ලදී. එමගින් පැරණි විජේසේකර යතුරුපුවරු සැකැස්ම භාවිතා කර පරිගනක යතුරුලියන්නට පුහුණුවීම් කල හැකිව තිබුනි.
මුල් අනුවාදය භාවිතා කර සාර්ථකවූවන්ගේ යෝජනා මත මෙම නව අනුවාදය සාදා ඇති අතර නව විජේසේකර යතුරුපුවරුව පුහුණුවිය හැකි ලෙස සකසා ඇත.
නව සියපතෙහි අඩංගු ගුනාංග
- නව විජේසේකර යතුරුපුවරු වින්‍යාසය
- ඉංග්‍රීසි සිංහල අකුරු සහිත පැහැදිලි යතුරුපුවරුව
- යතුරුපුවරුව මත දිස්වන මගපෙන්වීමේ සලකුනු
- නිවැරදි ඇඟිලි භාවිතයට මගපෙන්වීම
- ප්‍රතිඵල විශ්ලේෂණය
- නිම කර ඇති පාඩම් වල ප්‍රතිඵල සංශිප්තව බලාගත හැකිවීම.
- බාගත කිරීමක් හේ ස්ථාපනය කිරීමක් අවශ්‍ය නෙවේ..
නව විජේසේකර යතුරුපුවරුව භාවිතා කලයුත්තේ ඇයි?
නව විජේසේකර යතුරුපුවරුව, යුනිකේත සඳහා ලංකාවේ සම්මත යතුරුපුවරු සැකැස්ම වේ.
විවිධ යතුරුපුවරු සැකසුම් අතරින් පහසුම යතුරුපුවරු සැකසුම මෙය වේ.
වැඩිම වේගයකින් පරිගනක යතුරුලිවීමේ හැකියාව මෙය සතුයි.
සිංහල සහය දක්වන ඕනෑම මෙහෙයුම් පද්ධතියක පෙරනිමියෙන්ම මෙය ඇතුලත් වේ.
සිංහල සහය දක්වන qwerty යතුරුපුවරුව සහිත ජංගම දුරකතන ඇතුලු ඕනෑම උපකරණයක අනිවාර්යයෙන් මෙය පෙර නිමියෙන් ඇතුලත් වියයුතු වේ.
